රක්ෂණ, කැන්විල්, හොටෙල් ඩිවලොපර්ස් හා ලිට්‍රො විකුණන හැටි තීන්දු කරන උපදේශකයෝ

2023-03-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉහත සඳහන් සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා උපදේශකයන් තෝරාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, එම කාර්යය සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, අභිමතය ප්‍රකාශ කිරීම් (EOI) සහ යෝජනා ඉල්ලීම් (RfP) කැඳවා ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කෙටි ලැයිස්තුගත කරන ලද යෝජනා අතුරින් ගුණාත්මක බව සහ පිරිවැය මත පදනම් වූ තෝරාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ඉහත සඳහන් ආයතන 4 සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරා ගනු ලැබ තිබේ.

ඒ අනුව, තෝරාගනු ලැබ ඇති පහත සඳහන් ගනුදෙනු උපදේශකයන් සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(i) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව – Alvarez and Marsal

(ii) කැන්විල් හොල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම – Deloitte India

(iii) හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම – Colliers Singapore

(iv) ලිට්‍රො ගෑස් ලංකා සමාගම – Deloitte India

Author

1 Comment

  • “ඒ අනුව, එම කාර්යය සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, අභිමතය ප්‍රකාශ කිරීම් (EOI) සහ යෝජනා ඉල්ලීම් (RfP) කැඳවා ඇත” Is it so? When was this ICB(International Competitive Bidding) was published and which media?

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading