මෙටා ඩොලර් බිලියන 18න් එහාට! ෆේස්බුක් වෙත සිදුවන වෙනස්කම්! 

තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යයට හානි කරන ඇබ්බැහි වන සුළු වේදිකාවන් හිතාමතාම නිර්මාණය කළ බවට වන චෝදනා නිරාකරණය කරගැනීම සඳහා, ඩොලර් බිලියන 18 ක මුදලක් ගෙවීමට තමන් එකඟ වූ බව Meta සමාගම බදාදා ප්‍රකාශ කළේය. මෙම සමථයත් සමඟ සමාජ මාධ්‍ය දැවැන්තයා මුහුණ දුන් සුවිශේෂී නීතිමය සටනක අවසානය සනිටුහන් වේ.

අධිකරණ ගොනු කිරීම්වලට අනුව, මෙම එකඟතාවයේ කොටසක් ලෙස යොවුන් පරිශීලකයින් සඳහා දෛනික කාල සීමාවන් හඳුන්වා දීම වැනි වෙනස්කම් ගණනාවක් තම වේදිකාවල සිදු කිරීමට Meta එකඟ වී ඇත.

දිස්ත්‍රික් උසාවි විනිසුරු ඉවෝන් ගොන්සාලෙස් රොජර්ස් විසින් මෙම සමථය අනුමත කරන ලදී.

2023 දී ප්‍රාන්ත 29 ක් එක්ව ගොනු කළ නඩුව සමථයකට පත් කිරීමට ඩොලර් බිලියන 17 කට වැඩි මුදලක් වෙන් කෙරෙන අතර, ඉතිරිය Meta සහ අනෙකුත් ප්‍රාන්ත/බල ප්‍රදේශ අතර අර්බුද නිරාකරණයට යොදා ගැනේ. මෙම මුදල් ප්‍රාන්ත මට්ටමේ “තරුණ අන්තර්ජාල ආරක්ෂණ මූලපිරීම්” සඳහා භාවිත කෙරේ.

සමථ අරමුදලෙන් 70% ක් ඉදිරි දශකය පුරා වාර්ෂික වාරික වශයෙන් ප්‍රාන්ත වෙත ගෙවනු ඇත. ඉතිරි 30% ගෙවනු ලබන්නේ YouTube සහ TikTok යන සමාගම් ද ප්‍රාන්තවලට ගෙවීම් කිරීමට සහ ඔවුන්ගේ යෙදුම්වලට ද මෙවැනිම වෙනස්කම් කිරීමට එකඟ වන්නේ නම් පමණි.

මෙම එකඟතාවයට පැමිණෙන්නේ කැලිෆෝනියාවේ නඩු විභාගය ආරම්භ වී සතියකට පසුවය. එහිදී ප්‍රාන්ත හතරක් ඩොලර් ට්‍රිලියන 1.4 ක් දක්වා වන්දි ඉල්ලා සිටියහ. ඒ අනුව මෙම නඩුව විභාග වී නම්, මෙටා සමාගම වරදරකරු වී නම් එම වන්දිය ගෙවීමට නියමිතව තිබුණි.

තම වේදිකා දරුවන්ට හානි කරන බව Meta දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම සමථයේදී ද ඔවුන් කිසිදු වරදක් පිළිගෙන නොමැත.

උතුරු කැරොලිනා නීතිපති ජෙෆ් ජැක්සන් මෙම සමථය “විශාල තාක්ෂණික සමාගමක් සමඟ ඉතිහාසයේ සිදු වූ විශාලතම එකඟතාවය” ලෙස හැඳින්වූ අතර, නඩු විභාගය තවදුරටත් ඇදී ගියේ නම් මෙම ආරක්ෂණ විධිවිධාන ක්‍රියාත්මක වීමට වසර ගණනාවක් ගතවනු ඇති බව පැවසීය.

ප්‍රාන්ත නීතිපතිවරුන් Meta සමාගමට චෝදනා කළේ දරුවන්ව ඈඳා ගැනීම සඳහා කෙළවරක් නොමැති ෆීඩ් එකක්, ඇල්ගොරිදමය විසින් දිගින් දිගටම අලුත් කන්ටෙන්ට් නිර්දේශ කිරීම් සහ නිරන්තරයෙන් නෝටිෆිකේෂන් යැවීම වැනි විශේෂාංග හිතාමතාම නිර්මාණය කර ඇති බවයි. ඒ ඇබ්බැහිවන ආකාරයටය.

ඒ අනුව මෙම නඩුව ඉදිරියට නොයන්නේ නම් ෆේස්බුක් වෙත අලුතින් කරන්නේයැයි මෙටා සමාගම වෙනස්කම් කිහිපයකට එකග වී තිබේ.

  • දෛනික කාල සීමාව: වයස අවුරුදු 13 ත් 17 ත් අතර පරිශීලකයින් සඳහා පැය දෙකක දෛනික කාල සීමාවක් පමණක් ෆේස්බුක් සමාගමේ රැදී සිටීමට හැකි වන අතර, එය වෙනස් කළ හැක්කේ දෙමාපියන්ට පමණි.
  • භාවිතය පිළිබඳ මතක් කිරීම්: විනාඩි 15 ක අඛණ්ඩ භාවිතයෙන් පසු තිරයේ කාලය සිහිපත් කිරීම් දිස්වනු ඇත.
  • Night Mode සහ School Mode: මධ්‍යම රාත්‍රී 12 සිට පෙරවරු 6 දක්වා යෙදුම් භාවිතය අවහිර කරන “රාත්‍රී මාදිලියක්” සහ පාසල් වේලාවන් තුළ දැනුම්දීම් අවම කරන “පාසල් මාදිලියක්” හඳුන්වා දෙනු ඇත.
  • අන්තර්ගතය පාලනය: ‘Likes’ සහ ප්‍රතිචාර පෙරනිමියෙන් (by default) සැඟවීම, බාලවයස්කරුවන් සඳහා “අධික වේශ නිරූපණ ෆිල්ටර්” අවහිර කිරීම සහ වීඩියෝ ස්වයංක්‍රීයව වාදනය වීම (autoplay) අක්‍රිය කිරීමට අවස්ථාව ලබා දීම.

ඩොලර් බිලියන 18 යනු Meta සමාගම පසුගිය වසරේ උපයාගත් ඩොලර් බිලියන 200 ක ආදායමෙන් සුළු කොටසක් වුවද, යෙදුම්වල ගත කරන කාලය අඩු කිරීමේ මෙම නව වෙනස්කම් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් මත පදනම් වූ ව්‍යාපාරික ආකෘතියට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.

කැලිෆෝනියා නීතිපති රොබ් බොන්ටා ප්‍රකාශ කළේ මෙම වෙනස්කම් මාස කිහිපයක් ඇතුළත බලාත්මක වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් කොංග්‍රසයෙන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමස්ත සමාජ මාධ්‍ය වේදිකාවලටම පොදු වූ ෆෙඩරල් නීතියක් සම්මත කරන ලෙසයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading