Breaking : අත්අඩංගුවට ගන්නෙපායැයි ගෝඨා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විසිකරයි!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (01) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනූ ලැබුවා.

එහිදී ඉහළ අධිකරණයේ රිට් බලතල ප්‍රතික්ෂේප කරමින්, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමේ ඉල්ලීම මෙන්ම අදාළ පෙත්සම ද විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය නියෝග කළා.

මේ අතර අභියාචනාධිකරණය ලබාදුන් මෙම නියෝගයට එරෙහිව විශේෂ අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 9 වනදා පස්වරු 1.30 ට නඩුව යළි කැඳවීමට නියමිතයි..

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading