22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ‘ට්‍රෝජන් අශ්වයා’ ගැන සාලිය පීරිස්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

හෝමර්ගේ සුප්‍රසිද්ධ ‘ඉලියඩ්’ කාව්‍යයේ එන ‘ට්‍රෝජන් අශ්වයාගේ’ (Trojan Horse) ඓතිහාසික පුවත ඇසුරින් කරුණු දක්වන හිටපු නීතිඥ සංගම් සභාපතිවරයා, මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා රටේ අධිකරණ පද්ධතියට සිදුවිය හැකි බලපෑම පිළිබඳව ඉඟි කර තිබේ.

The story of the Trojan Horse – ට්‍රෝජන් අශ්වයාගේ කතාව

ඩේවිඩ් කරුණාරත්න විසින් ‘රණබිම’ නමින් සිංහල බසට පරිවර්තනය කරන ලද හෝමර්ගේ ‘ඉලියඩ්’ නම් සුප්‍රසිද්ධ කාව්‍යයෙහි හි විස්තර කෙරෙන්නේ ‘ට්‍රෝයි’ නගරයෙහි විනාශය පිළිබඳ කතාව යි.

කොටු පවුරෙන් වටවුණු ට්‍රෝයි නගරය වසර දහයක කාලයක් වටලා සිටීමෙන් පසුවද යටත් කර ගැනීමට ග්‍රීක හමුදාවන්ට නොහැකි විය. එක් උදෑසනක ග්‍රීකයන් පසු බැස ඉවත්ව ගොස් ඇති බව ට්‍රෝජන්වරුන්ට දැක ගත හැකි විය. නගර දොරටුවලින් පිටත ඉතිරි වී තිබුණේ දැවැන්ත ලී අශ්වයෙකු පමණි. ග්‍රීකයන් සටන අතහැර පසුබැස ඇති බව උද්දාමයට පත් ට්‍රෝජන්වරු , දැවැන්ත ලී අශ්වයා දෙවිවරුන්ගෙන් ලැබුණු තෑග්ගක් යැයි විශ්වාස කළහ. අශ්වයා නගර දොරටුවෙන් ඇතුළු කොට නගරය තුළට ගෙන නොයන ලෙස ට්‍රෝයි නගරයේ පූජකයෙකු විසින් කළ අනතුරු ඇඟවීම් නොතකා, ට්‍රෝයි පුරයේ පාලකයන් සහ ජනතාව අශ්වයා නගරය තුළට ගෙන ආහ.

එදින රාත්‍රියේ අඳුරට මුවා වී, එතෙක් ලී අශ්වයා තුළ සැඟව සිටි ග්‍රීක සොල්දාදුවන් අශ්වයාගෙන් එළියට පැමිණ, නගරය කොල්ලකා, එහි ජනතාව මරා දමා නගරය ගිනිබත් කළහ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අධිකරණ පද්ධතියේ සකල විධ දෝෂයන්ට ප්‍රතිකාරයක් වනු ඇති බවට අන්ධ භක්තියෙන් යුතුව විශ්වාස කරන අයට පමණක් නොව, මෙම සංශෝධනය ඉදිරියට ගෙන ගොස් සම්මත කිරීමට යාමට සනිටුහන් කොට ගෙන සිටින ජනාධිපතිතුමාට සහ ඔහුගේ රජයට ද මෙම කතාවෙන් ඉගෙන ගත යුතු වැදගත් පාඩමක් තිබේ.

Author

2 Comments

  • As per the Saliya Peiris Before the Service Extension The said judges work as a enemy to the Socity and After that They had more opertunity than before the service extension

  • රට විනාශ කරපු දේශපාලන පක්ෂවල පව් කරගහගෙන ඉන්න එවුන්ගේ නීතී උපදෙස් ජනතාවට අදාල නෑ. ආණ්ඩුවට අදාළත් නෑ. මහජන චන්දයකින් බහුතරයක් ඉන්න රජයකට කොහොමත් අදාලම නෑ. ස්වාධීන නැති ඔය වගේ පක්ෂ බදාගෙන ඉන්න එවුන් රටට නෙමෙයි ආදරය කරන්නේ තමුන්ගේ මඩිය තරකරන එවුන්ට.

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading