තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16) උදෑසන 9ට ලේක් හවුස් ආයතන ඉදිරිපිට දී ආරම්භ වී තිබේ.
Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරට ගමන් කරන අතර, එහි දෙවන දිනය නුවරින් ආරම්භ වී අනුරාධපුරයට ගමන් කිරීමට නියමිතය.
එය 18 වැනිදා අනුරාධපුරයෙන් කොළඹ බලා පැමිණෙන බව පැවසේ.
මෙම පා පැදි සවාරිය සඳහා කණ්ඩායම් 27ක පා පැදි ක්‍රීඩකයින් සම්බන්ධ වී සටින අතර ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පාපැදි තරගය ආරම්භ කර ඇත.
රට යන රේස් එකට Lanka Ride නව ජවයක් එකතු කරන බවත්,රට සංවර්ධනය වෙමින් නව දිශානතියකට ගමන් කරන මොහොතක Lanka Ride පාපැදි සවාරිය සංකේතාත්මක වටිනාකමක් එකතු කරන්නක් බවත් පා පැදී සවාරිය සමාරම්භක අවස්ථාවට සහභාගී වූ මහමාර්ග, ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසා ඇත.
එසේම, නව ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් සැලසුම් කර ඇති වර්ෂයක ආරම්භක වැඩසටහනක් ලෙස Lanka Ride පාපැදි සවාරිය පවත්වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙම අවස්ථාවේට එක් වෙමින් පවසා තිබේ.
