ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති ගැන ජනාධිපති ලේකම් සාකච්ඡාවක

ආසියානු සංවර්ධන බැංකුවේ 2026-2029 කාලසීමාවට අදාළ ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

එම සාකච්ඡාව පවත්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවකු වන ආසියානු සංවර්ධන බැංකුවේ 2027 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩ සටහන සම්බන්ධයෙන් ඔක්තෝබර් 05 හා 06 දෙදින පැවැත්වීමට නියමිත සැලසුම් සමාලෝචන රැස්වීමට පෙර සූදානමක් ලෙසය.

එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ දීර්ඝකාලීන ව්‍යාපෘති සැලසුම් සඳහා ඇතුලත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු වූ බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading