දූෂණ චෝදනා ඉදිරිපත් වීම නිසා ධුරයෙන් ඉවත්වීමට සිදුවුනු මාලිමා ආණ්ඩුවේ හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 03 වැනිදා කැඳවන ලෙස නියම කර ඇත.
ඒ එම නඩුව අද (ඔක්තෝබර් 05) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී සාක්ෂි සටහන් කිරීම් සිදුකර ඇති අතර හිටපු ඇමතිවරයාට එරෙහි චෝදනාව වන්නේ ඔහු ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කළ සමයේදී කොන්ත්‍රාත්කරුවකුට වාසිදායක අයුරින් කටයුතු කර රජයට අලාභයක් සිදුකිරීමයි. එවක ලංකා පොහොර සමාගම අයත් කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් කටයුතු කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකයි.
