කුමාර් සංගක්කාරට ප්‍රධාන පුහුණුකරු තනතුරක් ! 2026 ගැන නව අපේක්ෂාවක් !!

2026 IPL තරගාවලියට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකේය ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නැවත වරක් පත් කර තිබෙනවා.

2025 IPL තරගාවලිය සඳහා රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමට පෙර 2021 සිට 2024 දක්වා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර එසේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ කාලය තුළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පිළිවෙළින් 2022 වර්ෂයේ දී අවසන් මහා තරගයට ක්‍රීඩා කළ අතර, 2024 වර්ෂයේ දී ප්ලේ-ඕෆ් වටය දක්වා තේරී පත්වුණා

මෙසේ නැවත වරක් කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීම සම්බන්ධයෙන්ත්වී අදහස් දක්වමින් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ප්‍රධාන හිමිකරු මනෝජ් බඩලේ පවසා සිටියේ, කුමාර් සංගක්කාරගේ අත්දැකීම්, නායකත්වය හා රාජස්ථාන් රෝයල් ක්‍රීඩා සංස්කෘතිය විෂයේ ඔහුට ඇති ගැඹූරු අවබෝධය කණ්ඩායම වෙත අඛණ්ඩ වර්ධනයක් හා ස්ථාවරත්වයක් ගෙන එනු ඇති බවත්, ඒ ඔස්සේ කණ්ඩායම තුළ නිවැරදි සමතුලිතභාවය ඇති වනු ඇති බවත් ය.

“නායකයෙකු ලෙස කුමාර් සෑම අවස්ථාවකදී ම අපේ සම්පූර්ණ විශ්වාසය දිනාගෙන තියෙනවා. ඔහුගේ පැහැදිලි බව, සන්සුන් බව සහ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වන සූක්ෂම බුද්ධිය අපේ කණ්ඩායම 2026 IPL කුසලානය දක්වා මෙහෙයවීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපි හිතනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් මෙසේ කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමත් සමඟ, වික්‍රම් රාතෝර් ප්‍රධාන සහකාර පුහුණුකරු තනතුරට උසස් කර ඇති අතර ෂේන් බොන්ඩ් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දිගටම කටයුතු කරනු ඇති බවයි සඳහන් වන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading