ඉරාන නැව් ගැන ඉරාන තානාපති ඉල්ලූ සාකච්ඡාව විදේශ ලේකම් මඟහැරලා – මුජිබර් රහුමාන්

ශ්‍රී ලංකාව අවට මුහුදේ නවතා ඇති ඉරාන නැව්වලට අවශ්‍ය ආහාර හා ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා උත්සාහ කර ඇතත් ඒ සඳහා අවස්ථාවක් ලබාදී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ‘වට්නිව්ස්’ වෙත පැවසීය.

එම ඉරාන නැව්වල ආහාර හා ජලය අවසන් වෙමින් යන බැවින් ඒවායේ කාර්ය මණ්ඩල දැඩි අපහසුතාවයකට පත්වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී එම පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පවසන්නේ එම නැව්වලට ආහාර හා ජලය ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික සැපයුම්කරුවන්ට පවා ආණ්ඩුව අවවාද කර ඇති බවයි.

මේ අතර විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසා තිබුනේ ශ්‍රී ලංකාව අවට මුහුදේ ඉරාන නැව් 19ක් තිබෙන බවත්, ඒවාට ආහාර හෝ ජලය ලබා නොදෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය කිසිඳු දැනුම් දීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading