Breaking : ඥානසාරට අද සිට ජම්පරය! අභියාචනාධිකරණය දුන් නියෝගය

අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම වී තිබූ වසර හයක සිරදඬුවම අද දින සිට යළි බලාත්මක වන පරිදි වහාම ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව නීතිය හමුවේ බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා ප්‍රකාශයට පත් කළ තීන්දුවට අනුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද දින මෙම නියෝගය නිකුත් කළා.

නඩු විභාගය මඟහරිමින් සිටි බැවින් ඉකුත් ඔක්තෝබර් 01 වැනිදා උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කරමින් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයා වෙත අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

එම නියෝගය ක්‍රියාත්මක කරමින් නීතිය මඟහැර සිටි ඥානසාර හිමියන් ඉකුත් සෙනසුරාදා තීනියාවල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයකදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා..

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේව අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබුවා.

එහිදී ඥාණසාර හිමි වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා ප්‍රකාශ කළේ, එහිමියන් ආරණ්‍ය සේනාසනයකට ගියේ සිය නිකායේ නායක හිමිවරුන්ගේ උපදෙස් මත බවයි.

එම නායක හිමිවරුන් අධිකරණය මඟහැරීමට උපදෙස් නොදුන් නමුත් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් විවේක ගැනීමට උපදෙස් ලබාදුන් බව නීතිඥවරයා සඳහන් කළා.

එමෙන්ම විවේක ගැනීමට ගිය ස්ථානයේ දුරකථන සංඥා නොතිබීම හේතුවෙන් නීතිඥවරුන් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් අධිකරණය මඟහැරීමේ කිසිදු චේතනාවක් ඥාණසාර හිමිට නොතිබූ බවත් නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර ඥාණසාර හිමිගේ නීතිඥවරයා විසින් උන්වහන්සේට විනාඩියක කාලයක් අධිකරණය ඇමතීම සඳහා අවසර ඉල්ලා සිටියද විනිසුරුවරුන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල විසින් අදාළ වසර 6ක සිරදඬුවම අද දින සිට යළි ක්‍රියාත්මක කිරීමට නියෝග කළා.

එමෙන්ම ගලගොඩ අත්තේ ඥාණසාර හිමි අද සිට චීවරය දැරිය නොහැකි අතර නීතිය අනුව අද සිට උන්වහන්සේ ජම්පරය නමින් හඳුන්වන සිරකරු ඇඳුම පැළඳිය යුතුයි.

ඒ අනුව හෙට සහ අනිද්දා දිනයේදී ඥානසාර හිමිව මහාධිකරණයට රැගෙන එන අවස්ථාවේදී උන්වහන්සේට චීවරය හැඳීමට නොහැකි වනවා.

Author

1 Comment

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading