ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හෙට (ඔක්තෝබර් 06) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව හෙට සිට සති දෙකක කාලයක් තුළ එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමේ හැකියාව පවතී.
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය මතය අධිකරණ ඇමතිවරයාට යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කර තිබුනේ එවැන්නක් රටට අවශ්‍ය නොවන බවත්, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කළ යුතු බවත්ය.
එමෙන්ම ත්‍රස්තවාදය නැමැති වරද සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ යුතු බවය.
