ශ්‍රී ලංකා ක්‍රිකට් ඓතිහාසික සන්ධිස්ථානයක!

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ තබා ඇති සලකුණ කුමක්දැයි විමසුවොත් අප ලබා ඇති ජයග්‍රහණ සියල්ල සේම අප තබා ඇති විනය, අධිෂ්ඨානය, අභිමානය, මහත්මා ගති මෙන්ම අසාධාරණයට එරෙහි වීම සුවිශේෂී විය.

අර්ජුණ රණතුංගලා, සංගාලා, මහේලලා ඇතුළු බොහෝ ක්‍රීඩකයන් ලෝක ක්‍රිකට්වල තිබුණු රාමු වෙනස් කළවුන්ය. සීමා කැඩූවන්ය. මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව මෙන්ම මුරලිදරන්ගේ අතේ පිහිටීම ලෝක ක්‍රිකට්වල සීමා වෙනස් කළේය. වාස්ගේ දෝලනය වෙන පන්දුව මෙන්ම කළු සහ සනත්ගේ ආරම්භක උපක්‍රමය පවර්ප්ලේ සිට විස්සයි විස්ස දක්වා ක්‍රිකට් උඩුයටිකුරු කරන ලදී.

සියල්ලට ඉහළින් ලෝක ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විස්මිතම ජයග්‍රාහී කතාන්දරය ලෙස ශ්‍රී ලංකාව ඊට පෙර ලෝක කුසලානයක දෙවැනි වටයටවත් නොගොස් කුසලාන ජයග්‍රහණය කිරීමේ අත්දැකීම ඇත. ඒ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ පැවති තරගවලට සහභාගී වීම ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ප්‍රතික්ෂේප කරන ලදී. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව එහිදී ශ්‍රී ලංකාව පිළිබද ජාතිවාදී ප්‍රවේශයකින් කටයුතු කළ බව නොරහසකි.

එදා අපගේ සහෝදර සත්කාරක රටවල් වූ ඉන්දියාව සහ පාකිස්ථානය ශ්‍රී ලංකාවට සහයෝගය දුන්නේය. බෝම්බ පුපුරද්දී ශ්‍රී ලංකාවේ තරගාවලිවලට පාකිස්ථානය සහභාගී විය.

ඉතිහාසය වෙස් වී තිබේ. අද ඉන්දියාව සිටින්නේ එදා ලෝක ක්‍රිකට්වල ඕස්ට්‍රේලියාව සිටි තැනය. ඉන්දියාව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ‘බුලි කරන්නා‘ බවට පත්ව සිටී. මේ වෙද්දී ඉන්දීය ආධිපත්‍යයක් ඇති ගෝලීය ක්‍රිකට් මාධ්‍ය ආයතන ගණනාවක් ශ්‍රී ලංකාව පාකිස්ථාන තරගාවලියට සහභාගී වීමට ගත් තීන්දුව ගැන ප්‍රශ්න කරමින්ද සිටී.

එහෙත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් තීන්දුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල ජීවගුණය මනාව පෙන්නුම් කළ තීන්දුවක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ තුන්කොන් විස්සයි 20 තරගාවලි සඳහා පාකිස්තානය බලා ගියේ මීට දින කිහිපයකට පෙරයි. කෙසේ වෙතත්, නොවැම්බර් 12 අගහරුවාදා රාවල්පින්ඩිහිදී පැවති ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර ඉස්ලාමාබාද් නුවර සිදුවූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙම පිපිරීම, තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර් 17ක පමණ දුරකින් සිදුවීම නිසා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති විය. ඇතැම් ක්‍රීඩකයන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීවට වුවමනා විය.

ක්‍රීඩකයින්ගේ ඉල්ලීම සහ ක්‍රිකට් ආයතනවල මැදිහත්වීම

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු උපුටා දක්වමින් නැවත දිවයිනට පැමිණීමට අවශ්‍ය බවට කණ්ඩායමේ කළමනාකාරීත්වයට නොවැම්බර් 12 උදෑසන දැනුම් දී තිබුණි.

ආරංචිමාර්ග වාර්තා කළේ, මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙකු නැවත දිවයිනට පැමිණීමට සූදානම් වූ බවයි. ඔවුන් නොවැම්බර් 13 පැවති පුහුණු සැසියටත් සහභාගී වී නොතිබුණි. තරග අවලංගු වීමේ අවදානමක් ඇති විය.

එහෙත්, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ, පැවති තත්ත්වය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිලධාරීන් සමග සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ක්‍රීඩකයින් සමග සම්බන්ධ වී කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේ ම ආරක්ෂාව සහතික කිරීම සඳහා PCB සහ අදාළ බලධාරීන් සමග සම්බන්ධ වූ බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වීමට ඉඩ නොදෙන බවට සහතික වූ බවත්ය.

උපරිම ආරක්ෂාව සහතික කිරීම

ඒ අනුව උපරිම ආරක්ෂාව තහවුරු කිරීමටත්, ක්‍රීඩක ඉල්ලීම් කිහිපයකට එකඟවීමටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් සමඟ පෞද්ගලිකවම සාකච්ඡා කර ආරක්ෂාව තහවුරු කළ බව වාර්තා විය.

පාකිස්තාන රජයේ අමාත්‍යවරයෙකු ද වන පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොෂීන් නක්වි විසින් ඊයේ රාත්‍රියේ ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කර සියයට සියයක ආරක්ෂාවක් ලබා දෙන බවට සහතික වී තිබුණි.

විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට සහ කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවයි. ඔහු පැවසුවේ කණ්ඩායම හෝටලයේ සිට ක්‍රීඩාංගණය දක්වා සහ ආපසු ගෙන යන විට උපරිම ආරක්ෂාවක් සපයා ඇති බවත්, පාරේ අනෙක් වාහන ගමන් කිරීම නතර කර ඇති බවත්, පාර දෙපැත්තේ වාහන පවා නතර කිරීමට ඉඩ නොදී ඇති බවත්ය.

තරගාවලිය ඉදිරියට

ක්‍රීඩකයින්ගේ එකඟතාව මත තරගාවලිය ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති අතර, පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් කාලසටහන වෙනස් කර ඇති බව නිවේදනය කරනු ලැබීය.

නොවැම්පැබර් 13 පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය නොවැම්බර් 14 දිනයේත් තුන්වැනි තරගය නොවැම්බර් 16 වැනිදාත් රාවල්පින්ඩිහිදී පැවැත්වීමට නියමිතය. ලාහෝරහිදී පැවැත්වීමට නියමිත වූ සියලු තරග රාවල්පිණ්ඩිහි පැවැත්වීමට නියමිත වූ අතර

තුන්කොන් විස්සයි 20 තරගාවලිය විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 18 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට තීන්දු විය.

ඉවත්වන ක්‍රීඩකයින්ට අදාළ තීරණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් කියා සිටියේ, මෙම තත්ත්වය තුළ නියමිත පරිදි තරග සංචාරය අඛණ්ඩව කරගෙන යන ලෙස සියලු ම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇති බවයි.

කිසියම් ක්‍රීඩකයෙකු හෝ පුහුණුකරුවෙකු තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළහොත්, ඒ සඳහා අතිරේක ක්‍රීඩකයින් යොමු කිරීමට SLC ආයතනයෙහි අවධානය යොමුවී තිබුණි.

ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා නැවත මව්රට බලා පැමිණෙන ක්‍රීඩකයින් හෝ සහයක කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳව ගන්නා තීරණ ගන්නා බවත් කියා තිබුණි.

“සංචාරය දිගට ම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා, යම් ක්‍රීඩකයෙකු සංචාරයෙන් ඉවත් වුවහොත් තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ආදේශක ක්‍රීඩකයින් පකිස්ථානයට යැවීමට කටයුතු කරන,” බව එහි දැක්වුණි.

“නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නැවත මව්රට බලා පැමිණියහොත්, ඔවුන්ගේ ක්‍රියාව තක්සේරු කිරීම සඳහා විධිමත් සමාලෝචනයක් පවත්වනු ලබන අතර, සමාලෝචනය අවසානයේ සුදුසු තීරණයක් ගනු ලබන,” බව ද එම නිවේදනයේ සඳහන් වේ. ආරංචි මාර්ග අනුව මෙලෙස ඉවත්ව යන ක්‍රීඩකයෙකුට වසර දෙකකට වැඩි කාලයක් සඳහා ක්‍රිකට් තහනම් කිරීමටද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බව සඳහන් විය.

‘නොදැවුණු මිත්‍රත්වය’

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි X පණිවුඩයක් නිකුත් කරමින්, “තරග සංචාරය දිගට ම කරගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණය පිළිබඳව කෘතඥ වන” බව සඳහන් කළේය. එය ක්‍රීඩාශීලීත්වයේ සහ සහයෝගීතාවයේ ජීව ගුණය දීප්තිමත්ව බැබළවීමක් බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි ප්‍රසාදයක් පළ කර ඇති අතර, ‘FriendshipNotOut’ යන හැෂ් ටැගය පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතී.

වේගපන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර් සටහන් තබා ඇත්තේ, ‘ක්‍රිකට් ක්‍රීඩාවෙන් ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තූතියි…’ යනුවෙනි.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ හිටපු සභාපති නජාම් සේති පවසා ඇත්තේ, “ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ රජය ත්‍රස්තවාදීන්ට එරෙහිව ආරක්ෂාව සඳහා සංකේතයක් ලෙස ක්‍රිකට් භාවිත කිරීම සවිඥානික හා නිර්භීත තීරණයක්” බවයි.

විස්තර විචාරක රොෂාන් අබේසිංහ පෙන්වා දුන්නේ, මේ රටවල් දෙක අතර ඇති දීර්ඝ කාලීන බැඳීම හේතුවෙන් තරගාවලිය අත්හිටුවීම ශ්‍රී ලංකා රජයට සහ ක්‍රිකට් ආයතනයට ලොකු අභියෝගයක් වන බවත්, එම බැඳීමට පළුදු වීමක් විය හැකි බවත්ය.

ශ්‍රී ලංකාවේ අහිතකර ආරක්ෂක තත්ත්වයන් තිබියදීත් 1994 දී සහ 1996 ලෝක කුසලාන සමයේදී පාකිස්තානය ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පරිශීලකයින් සිහිපත් කර තිබුණි.

පකිස්ථාන කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු වූ රෂීඩ් ලතීෆ්, දීර්ඝ සටහනක් තබමින්, පකිස්ථානය ශ්‍රී ලංකාවේ අතිශය දුර්වල ආරක්ෂක තත්ත්වයන් තිබියදීත් ක්‍රිකට් ක්‍රීඩා කළ කාලය සිහිපත් කළේ ය.

රෂීඩ් ලතීෆ් මෙසේ ලිවීය, ‘අපි 1994 දී ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට ගිය විට, ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් නොවී ය. දෙමළ කොටි සමග ගැටුම් කිහිපයක් ඇති විය. කොළඹ පැවති ටෙස්ට් තරග දෙකකට පසුව, පිපිරීමක් සිදු විය. නගරයේ ඇඳිරි නීතිය පනවන ලදී, එම නිසා තුන්වන ටෙස්ට් තරගය අවලංගු කරන ලදී. අහිතකර තත්ත්වයන් තිබියදීත්, පකිස්ථාන කණ්ඩායම කොළඹ රැඳී සිටි අතර, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ රජය ගත් තීරණය ක්‍රීඩකයින් විසින් ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබීය.’

‘අවලංගු කරන ලද ටෙස්ට් තරග වෙනුවට එක්දින තරග දෙකක් එකතු කරන ලද අතර, එය මුළු තරග පහක් බවට පත් කළේ ය. පකිස්ථානය ටෙස්ට් තරගාවලිය 0-2ක් සහ එක්දින තරගාවලිය 1-4ක් ලෙස ජයග්‍රහණය කළේ ය.’

‘1996 ජනවාරි මාසයේදීනැවතත් සිවිල් යුද්ධයක් මෙන් බරපතළ බෝම්බ පිපිරීම්, මරාගෙන මැරෙන ප්‍රහාර සහ ඇඳිරි නීතිය සමගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය අයහපත් විය. 1996 ලෝක කුසලානය ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල පැවැත්වීමට නියමිතව තිබිණි. බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට යාම ප්‍රතික්ෂේප කළේ ය. එය දුෂ්කර කාලයක් වූ අතර, එම කාලය තුළ පකිස්ථානයට සහ ඉන්දියාවට ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවා කොළඹට යැවීමට සිදුවිය.’

‘කණ්ඩායමට අසාරුදීන්, සචින් තෙන්ඩුල්කාර්, සයීඩ් අන්වර්, වසීම් අක්‍රම්, අනිල් කුම්බ්ලේ, රෂීඩ් ලතීෆ්, වකාර් යුනිස්, අජේ ජඩේජා, ඉජාස් අහමඩ් සහ ආමීර් සොහේල් ඇතුළත් විය. එවකට ඔවුන්ගේ අගමැති වූයේ (සිරිමාවෝ) බණ්ඩාරනායක ය. තරගයෙන් පසු නායක (අර්ජුන) රණතුංග කතාවක් පැවැත්වූ අතර, එහිදී ඔහු හැඟීම්බර වී කණ්ඩායම් දෙකට ම ස්තූති කළේ ය. ලාහෝර්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර බෙනාසීර් භූතෝ රණතුංගට කුසලානය ප්‍රදානය කළා ය.

ආරක්ෂාව ගැන තක්සේරු කිරීමේ හැකියාවක් අප වැනි ලියුම්කරුවන්ට නැත. ඒ ගැන තීන්දු කළ යුත්තේ සුදුස්සන්ය. එහෙත්, ආරක්ෂාව තහවුරු කිරීමට හැකි නම් ඉන්දියාවට හෝ කිසිදු බලයකට යට නොවී ක්‍රීඩාව වෙනුවෙන් ඍජුව තීන්දුවක් ගෙන පාකිස්ථානයේ ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් එහි සැබෑ ජීවගුණයෙන් යළි නැගී සිටීමක් ලෙස සැමරිය යුතුය.

අප ජයගත හැක. පරාජය වීමටත් ඉඩ ඇත. එහෙත්, පාකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාව යනු ලෝක ක්‍රිකට් වේදිකාව තුළ අයුක්තීන්ට එරෙහිව නැගී සිටීමටත් මේ සුන්දර ක්‍රීඩාව සැබෑ වෙනස්කම් වෙත යොමු කිරීමටත් හැකියාව ඇති- එවන් හැකියාවක් තිබිය යුතු රටවල් දෙකකි.

රාවල්පින්ඩිහි රැදී සිටීමට ගත් තීන්දුව ඓතිහාසික තීන්දුවක් වනු ඇත. එහි රැදී සිට ක්‍රීඩාවට

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading