දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා යෝධසිංහ – වේගවත්ම ක්‍රීඩිකාව සෆියා යාමික්

ඒ මේ දින වල ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් රන් පදක්කම් 2ක් දිනා ගැනීමත් සමගයි.

මෙහිදී චමෝද් යෝධසිංහ යෝධසිංහ, 103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත් අතර සෆියා යාමික් 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය.

යෝධසිංහ තරගය තත්පර 10.3ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් තරඟය අවසන් කළ අතර සෆියා නව තරගාවලි වාර්තාවක් ද තබමින් මීටර 100 ධාවන ඉසව්වේදී තත්පර 11.53ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා ය.

ඒ අනුව දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා සහ කාන්තාව යන දෙදෙනා ම ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය තරගය අවසන් කළේ, තත්පර 11.72ක කාලයකිනි.

සෆියා සහ අමාශා යන ක්‍රීඩිකාවන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් ය. සෆියා පසුගිය දා නිමා වූ ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වී ඇත.

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත්ව ඇත. තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ පසිඳු මල්ෂාන් දිනාගැනීමට සමත් වී ඇති අතර මදුශානි හේරත් ක්‍රීඩිකාව එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක, කල්හාර ඉන්දුප සහ සයුරි මෙන්ඩිස් යන මිශ්‍ර මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායම තවත් ශක්තිමත් දස්කම් දක්වමින් 3:20.85 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

මේ අතර, වික්නරාජ් වක්ෂා පිරිමි මීටර් 5000 ඉසව්වෙන් 14:23.21 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත් අතර, රාසානා විජේසූරිය කාන්තා මීටර් 5000 ඉසව්වෙන් 16:47.21 ක කාලයක් වාර්තා කරමින් සිව්වන ස්ථානයට පත්විය.

වෙඩි තැබීමේ ඉසව්වලින් සුසීන්තිරකුමාර් මිතුන් රාජ්, පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර, කාන්තා කාණ්ඩයේ ඕවිනි චන්ද්‍රසේකර ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

සිවු­වැනි දකුණු ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය සඳහා ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 59 දෙනකු එක්ව ඇති අතර මේ ශූර­තා­ව­ලි­යට දකුණු ආසි­යානු කලා­පයේ රට­ව­ල් වන ඉන්දි­යාව, ශ්‍රී ලංකාව සමඟ බංග්ලා­දේ­ශය, භූතා­නය, මාල­දි­ව­යින, නේපා­ලය යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.

මේ ශූර­තා­ව­ලිය පැවැ­ත්වෙන්නේ වසර 17කට පසුව වීම විශේ­ෂ­ත්ව­යකි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading