2025 වර්ෂයේ LPL නෑ ! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි !!

සැලසුම් කර තිබූ පරිදි  2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය මෙම වසරේ නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

2026 පෙබරවාරි-මාර්තු කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 ICC T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳින් සූදානම් වීමේ පුළුල් අවශ්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශයන්ට අනුව ලෝක කුසලානයට සත්කාරකත්වය දරන සියලු ක්‍රීඩාංගණ නිසි කාලසීමාව වනවිට යෝග්‍ය තත්ත්වයෙන් තිබිය යුතු අතර, ඒ අනුව ලෝක කුසලානයට පෙර එම තත්ත්වයට අනුකූල වන ලෙස ක්‍රීඩාංගණ සකස් කිරීම සඳහා පූර්ණ අවධානය යොමු කිරීමට ඉඩ සලසමින් 2025 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙසේ මෙම වසර සඳහා අත්හිටුවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙරට තුළ සාර්ථක ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීම සඳහා යෝග්‍ය ලෙස ක්‍රීඩාංගණ හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් මේ හරහා ලැබෙනු ඇති බවයි එම ආයතනය විශ්වාස කරනු ලබන්නේ. .

ඒ අනුව ප්‍රේක්ෂකයන් සඳහා විශිෂ්ට තරග අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ප්‍රේක්ෂකාගාර නියමිත තත්ත්වයට ප්‍රතිසංස්කරණ කිරීම, ක්‍රීඩකයින් සඳහා අවශ්‍ය පහසුකම්,  කාමර සහ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රදේශ ඇතුළු පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීකරණය කිරීම,  ජාත්‍යන්තර වශයෙන් තරග විකාශය කිරීම සඳහා වන විකාශන පහසුකම් වැඩිදියුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, ගෝලීය මාධ්‍ය ආවරණයන්හි අවශ්‍යතා සපුරාලීම සඳහා මාධ්‍ය මධ්‍යස්ථාන හා ඒවායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම එවැනි විවිධ ජාතීන් එකට එක්රැස් වන අවස්ථාවක දී අවශ්‍ය අනෙකුත් සාමාන්‍ය ස්ථාන අවශ්‍යතා වැඩි දියුණු කිරීම මෙම කාලපරිච්ඡේදයේ දී සිදු කිරීමට නියමිතයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading