පොලිස් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (ඔක්තෝබර් 05) රාත්රියේදී මිරිහාන ප්රදේශයේ අවහන් හලක් අසලදී අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම ඔක්තෝබර් 12 වැනිදා දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
මහින්ද කහඳගම තම පක්ෂයේ සාමාජිකයෙක් නොවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රකාශ කර ඇති අතර ඒ නිසා එම පක්ෂයට ඔහු සම්බන්ධයෙන් විනය පියවර ගත නොහැකි බවද ප්රකාශ කර ඇත.
වැඩිදුරටත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රකාශ කර ඇත්තේ එම පක්ෂ ලැයිස්තුවෙන් ඔහු ඡන්දය ඉල්ලනු ලැබුයේ වාසුදේව නානායක්කාරගේ පක්ෂයට ලබාදුන් කෝටාව යටතේ බවයි.
මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ මහින්ද කහඳගම මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමඟ සිදුකළ හඬපට කිහිපයක් සංසරණය වෙමින් පවතී.
