‘මෝඩ තරිඳු’ චිත්‍රපටය, හෙට ඉඳලා ඒ කියන්නෙ ඔක්තෝබර් 10 වෙනිදා ඉඳලා ලංකාවේ සිනමාශාලා අතික්‍රමණය කරන්න සූදානම් වෙලා ඉන්නවා. මෝඩ තරිඳු කියන්නෙ තිසර ඉඹුලානගේ අධ්‍යක්ෂණයෙන් සහ තිසර මංගල බණ්ඩාරගේ තිර රචනයෙන් ප්‍රේක්ෂකාගාරය වෙත කඩාපනින චිත්‍රපටයක්.
ලංකාවේ චිත්‍රපටිවල හැරවුම් ලක්ෂ වැඩි වෙලා ලංකාවෙ සිනමාවට කෙලින් යන්න බැරිවෙලා තියෙන නිසා ඒ විදිහෙ හැරවුම් ලක්ෂයක් නැද්ද කියලා මුකුත් නොකියා මේ ගැන දීර්ඝව ලියන්න සහ නැවත දෙතුන්පාරක් බලන්න ආසාවක් තියෙන නිසා දැනට සරලව සහ කෙටියෙන් මගේ අදහස මම කියන්නම්.
මෝඩ තරිඳු කියන්නෙ Supernatural Comedy වැඩක්. ඒ නිසා ම නිරායාසයෙන් ඉල්ලා සිටින Melodrama type ගලායෑමක් මේ චිත්‍රපටිය ඇතුළෙ හොඳින් ස්ථානගත කරල තියෙනව.
Story එක අතින් මෝඩ තරිඳු කියන්නෙ දැනට මම මේ අවුරුද්දෙ ලංකාවෙ ෆිල්ම් එකක දැකපු හොඳ ම Storyline එක. විශේෂයෙන් ම හොඳ Flow එකක් සහිතව වඩාත් ශක්තිමත්ව ගොඩනගලා තිබුණා සහ ප්‍රේක්ෂක විශ්වාසය හොඳින් ම පවත්වාගෙන අනපේක්ෂිත සිද්ධි මවමින් ඉස්සරහට ගියපු රහ Story එකක්. විශේෂයෙන් ම ශක්තිමත් පරිකල්පනමය සිද්ධි රාමුවක් අනවශ්‍ය බලකිරීම් රහිතව ගාණට Place කරලා තිබුණා. කතාව විතරක් නෙවෙයි Overall ගත්තම ආතල් ම වැඩක්.
විශේෂයෙන් තිසර මංගල බණ්ඩාරගේ වැඩ බලපු කෙනෙක් විදිහට ඔහුගේ නිර්මාණවල නිරායාසයෙන් එන Satire එක මේකෙදිත් ඒ විදිහට ම දැකගන්න පුළුවන්. ඉඹුලානගේ Music video වල තියෙන රූප රාමු හා අධ්‍යක්ෂක භූමිකාවත් ෆිල්ම් එකේදි ඉතාම තදින් මතුවන ආකාරය දැකගන්න පුළුවන්. ඒ දෙන්නා තිර රචකයා සහ අධ්‍යක්ෂකවරයා විදිහට වැඩේට සෑහෙන්න අවංකයි. ඒ අවංක කම ඇතුළෙ ඔවුන් නිරායාසයෙන් ම අරන් එන හොඳ සහ නරක කියන කොටස් දෙක ම තියෙනව. නමුත් තමන්ගෙ නිර්මාණයකට අවංක වෙන නිර්මාණකරුවන් අඩු ලංකාව ඇතුළෙ තමන්ගේ අවංක නිර්මාණාත්මක ප්‍රකාශනයක් එළියට දැමීම සෑහෙන්න මරු සහ අමාරු වැඩක්.
මේකෙ මගේ හිත ගත්තෙ කෞශල්‍යා ප්‍රනාන්දුගෙ Act එක. මම කැමතියි කෞශල්‍යා කියන වේදිකා නාට්‍ය නිළියගෙන් චිත්‍රපටියකට වැඩ අරන් තිබ්බ පළවෙනි චිත්‍රපටිය කියලා මේ චිත්‍රපටිය හඳුන්වන්න. ඒ කියන්නෙ වේදිකා නාට්‍යයකදි අපේක්ෂා කරන අධි රංගනය නිරායාසයෙන් ම චිත්‍රපටිය විසින් ඉල්ලා සිටි නිසා තිබුණ ඒ Act එක ඉතා ම හොඳින් කෞශල්‍යා කරා. නමුත් පුදුම හිතෙන කාරණය ඒක නෙවෙයි. කෞශල්‍යා ප්‍රනාන්දු ඒ විදිහෙ Act එකක් කරන අතරෙ සේවියර් පුරුදු ස්වරයෙන් යථාර්ථවාදී විදිහට ම කොමඩි එක ලබා දීම. ඒක චිත්‍රපටිය එක්ක ගැලපුණේ කොහොමද කියලා හිතාගන්න බැරි නමුත් හොඳින් ගැලපුණු Act එකක්. කෙටියෙන් කිව්වොත් කෞශල්‍යා සහ සේවියර් විදි දෙකකින් හොඳ Act දෙකක් කරා.
චිත්‍රපටියෙ Twist ඉතා ම හොඳින් පෙළගස්වා තිබුණා. ඒක වඩාත් සාර්ථකව සහ තාර්කිකව ගොඩනගලා තිබුණා කියන්න පුළුවන්. මම කැමතියි තිසරලා දෙන්නා කතාව කියන්න තෝරගත්ත comedy සහ අධි තාත්වික බව ඒ දෙන්නා තමන්ගෙ නිර්මාණ ඇතුළෙ දිගටම පවත්වාගෙන යනවා නම්. ඒක ඒ දෙන්නටම ගැලපෙන සහ ඒ දෙන්නට හොඳින් ම රඟදක්වන්න පුළුවන් වේදිකාව කියලයි මට හිතෙන්නෙ. දෙන්නගෙ අවංක වැඩ එළියට එන්නෙ ඒ විදිහට කියලයි මගේ විශ්වාසය.
චිත්‍රපටියේ කතාව තේමා වෙන්නෙ ලංකාවට හුරුපුරුදු සමාජ පරිසරයක නිසා ෆිල්ම් එක ලංකාවට ඉතාම හොඳින් ශ්‍රී ලාංකිකයන්ට දැනෙනවා කියන එක මම විශ්වාස කරනව. මේක So sri lankan වැඩක්. ඒකෙ යම් යම් වෙනත් Elements නැත්තෙ නෑ. නමුත් ලංකාවට ෆිල්ම් එකක් කරනවා නම් මේ විදිහෙ වැඩක් වෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. මේකෙ තියෙනවා Srilankan energy එක සහ සමාජය. සරලවම මේකෙ Plot එක පවා අපේ සමාජයෙන් සහ විශ්වාස මත එන්නක්. තවත් සරලව කිව්වොත් චිත්‍රපටිය ලංකාවෙ සාමාන්‍ය සමාජයේ හෙළුව පෙන්නා සිටීමක්. එහෙම පෙන්වීම ම Comedy එකක්. නමුත් ඒ පෙන්වන විදිහෙ තමයි ඒ Comedy එක ඇතුළෙන් මතුවන Dark comedy ලක්ශන එක දෙක එළියට පනින්නෙ.
ඊළඟට චිත්‍රපටියෙ Editing සම්බන්ධව කතා කරන්න මම කැමතියි. චන්දන ප්‍රසන්නගෙ Editing මේ චිත්‍රපටය විසින් අපි ඉල්ලා සිටින ආතල් එක Double කරනවා. විශේෂයෙන් Hirani ගේ Pk වගේ චිත්‍රපටියක දකින්න ලැබෙන Editing part එක මට මතක් වුණා. සාමාන්‍යයෙන් සම්පූර්ණ කතාවම Comedy එකක් බවට පත් කිරීමත්, Emotions change වෙන තත්පරවලදි ඒක බලාපොරොත්තු නොවන තැනකට අරන් යන්නත් චන්දන ඉතා ම හොඳින් සමත්වෙලා තිබ්බා.
දැනට චිත්‍රපටිය Release වෙන්න කලින් මට කියන්න සහ ලියන්න තියෙන සීමාව තුළ මම නවතින්න කැමතියි. අවසාන වශයෙන් ආයෙ කිව්වොත් මේක මම 2025 වසරේ දැනට බලපු ආතල් ම වැඩේ. ඒකෙ ආතල් එක පැය 02 ක් අපිව කිරි කජු කන පහසුවෙන් තියාගන්නවා
එහෙනම් හෙටින් ඇරඹෙන සුබ මුහුර්තයේ ළඟම සිනමාශාලාවට එන ‘මෝඩ තරිඳු’ බලන්ඩලා !
ජිමුත් ඉඳුසර රත්නායක
