ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ විත්තිකරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී විත්තිවාචකය කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (06) දින තීන්දු කර තිබේ.

අද දින අධිකරණයේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 201 උප වගන්තිය යටතේ, විත්තිවාචකය නොකැඳවා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඉල්ලීමක් කර ඇත. එහෙත්, එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර ඇත්තේ විත්තිවාචකය නොකැඳවා චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට නොහැකි බවයි.

ඒ අනුව, විත්තිවාචකය කැඳවීම සඳහා මෙම නඩුව ලබන 12 වැනි දින යවත කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර ඇත. මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලද්දේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නයනා සෙනවිරත්න විසිනි.

Author

Leave a Reply

Related Posts