ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව ජානකී ලබන 20 දක්වා යළි රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (නොවැම්බර් 06) නියෝග කර ඇත.

අදාළ නඩුවට සම්බන්ධ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත්, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව පසුගිය 03 වැනිදා නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැර තිබුණි.

එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24ක් සම්බන්ධයෙන් ගොනුකර ඇති අධිචෝදනා නඩුවට අදාළව ඔහු තවදුරටත් බන්ධනාගාරගතව සිටියි.

එම නඩුව සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරන ලෙස එම අධිකරණය පසුගිය 28 වැනිදා බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts