අල්ලස් ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කෝප්රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (නොවැම්බර් 05) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු වන චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි සහ මාතර සුරාබදු ස්ථානයේ සේවය කරන සුරාබදු කෝප්රල්වරයෙකු වන පොල්ගම්පලගේ සම්පත් රණසිංහ යන අයයි.
සැකකාර විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සුරාබදු දෙපාර්තමේන්තුවේ කළුතර සුරාබදු අධිකාරීවරයා සහ අළුත්ගම සුරාබදු අධිකාරී (නිෂ්පාදනාගාර) වැඩබලන නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ, තම අධීක්ෂණය යටතේ පැවති නීත්‍යනුකූල බලපත්‍රලාභී සමාගමක ගිණුම්වලින් නීතිවිරෝධී ලෙස නිකුත් කර තිබූ මුදල් චෙක්පත් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම, අදාළ සමාගමේ ස්කාගාරයේ සේවය කළ සුරාබදු නිලධාරියෙකු ලෙස තම නිල බලය යටතේ ලබාගැනීමට බලයක් නොමැති එම චෙක්පත් අල්ලස් වශයෙන් භාරගැනීම සම්බන්ධයෙන් සුරාබදු කෝප්රල්වරයාටද චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව බව සඳහන් වේ.
