මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තහනමට ගන්නා ලද හිටපු ඇමති විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් හා වාහන මාස තුනක කාලයක් සඳහා ක්රියා විරහිත කිරීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 05) නියෝග කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන ලද කරුණු දැක්වීමක් සරඛිත රාජපක්ෂගේ ලකා බැලීමෙන් පසු කොළඹ මහාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු වන නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ විමර්ශනයක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර රිමාන්ඩ් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇප මත සිටී.
එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව මෙම දේපල ක්රියාවිරහිත කිරීමේ නියෝගය ඉල්ලා ඇත.
ක්රියාවිරහිත කරන ලද දේපල අතර රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් හා සුඛෝපභෝගී වාහන දෙකක් ඇත.
