කථානායක විශ්වාසභංගය නිසා නියෝජ්‍ය කථානායක අර්බුදයක

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි අර්බුදයකට ලක්වී ඇත.

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වූ නොවැම්බර් 03 දින එම විශ්වාසභංගය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳ විපක්ෂ නායක ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය බාරදීම සඳහා සිය කාර්යාලයට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වේලාවක් ලබාදී තිබුණත්, ඔහු එම අවස්ථාව මඟහැර තිබූ අතර එදින පාර්ලිමේන්තුව මෙහෙයවීම සඳහා මූලාසනයටද පැමිණියේ නැත.

ඒ අනුව නියෝජ්‍ය කථානායකවරයාට විපක්ෂ නායක ඇකුළු මන්ත්‍රීවරු සිය වරප්‍රසාද ප්‍රශ්න යොමු කරමින් ඒවා ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටියද ඒවා අධ්‍යයනය කළ යුතු බව පවසමින් නියෝජ්‍ය කථානායකවරයා ඒ සඳහා අවස්ථාව ලබානොදුන් අතර ඊට පසුදින ඒ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරන බව පැවසීය.

ඒ අනුව නොවැම්බර් 04 දිනද එම වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදුන් අතර අද (නොවැම්බර් 05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය කථානායකගෙන් යළි විමසීමේදී පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයට එය යොමුකර ඇති බව පවසමින් කාලය ඉල්ලා සිටි අතර එහිදී විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ පාර්ලිමේන්තු කිනම් ස්ථාවර නියෝගය අනුව එසේ යොමු කිරීම සිදුකර ඇතිද යන්නයි. ඒ සඳහා කථානායකවරයාට පිළිතුරක් නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් යළි හෙට දින සිය මතය ඉදිරිපත් කරන බව පමණක් පැවසීය.

Author

Leave a Reply

Related Posts