මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇති සැකකරුවන් රඳවා තබා ගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.
ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ අද (නොවැම්බර් 05) අරලියගහ මන්දිරයේ පැවති රටම එකට ජාතික මෙහෙයුම් ආගමික සමුළුවට එක්වෙමින්ය.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරාජයට පත්කිරීමේ ක්‍රියාදාමයේදී ආණ්ඩුව නීති රාමුවෙන් එළියට ඒම සඳහා කිසිසේත් අපේක්ෂා නොකරන බව හා ඔවුන් සකස් කර ඇති නීතිය යටතේ කටයුතු කරන බවයි. එමෙන්ම පවතින නීති ප්‍රමාණවත් නැත්නම් ඔවුන් අලුත් නීති හදන බවයි.
