රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් ඉල්ලා තර්ජනය කරමින් ඉන් රුපියල් මිලියන 15ක මුදලක් බිය ගන්වා ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවී රුපියල් මිලියන 25ක දඩයක් ගෙවීමට නියම වී සිටි හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඉන් රුපියල් මිලියන 9ක මුදලක් ගෙවීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බව අධිකරණයෙන් ඉල්ලා තිබේ.
සිය නීතිඥයා මගින් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග එම ඉල්ලීම කර ඇති අතර ඒ අනුව මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග නියෝග කර ඇත්තේ එම ඉතිරි මුදල් ගෙවීම සම්බන්ධයෙන් එම නඩුව ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා කැඳවන බවයි.
ඉඩමක් ගොඩකිරීමට අවසර ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 15ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙන් පසු ඔහුට වසර 2ක සිරදඬුවමක් නියම කරමින් එය වසර 5ක කාලයකට අත්හිටුවමින් රුපියල් මිලියන 25ක දඩයක් හා අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනක වන්දියක් ගෙවන ලෙස නියම කරනු ලැබීය.
එම තීන්දුවට එරෙහිව විත්තිකාර හිටපු ඇමතිවරයා අභියාචනයක් සිදුකළ අතර එහිදී වන්දි මුදල හා දඩ මුදල ගෙවීම සඳහා කාලය ලබාදෙන්නේ නම් අභියාචනය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දීමෙන් පසු නීතිපතිවරයාගේ හා අගතියට පත් පාර්ශවයේ විරුද්ධත්වයක් නොමැති වීම මත මෙසේ වන්දි ගෙවීමට කාලය ලබාගෙන තිබුණි.
