ප්‍රෙටල් ලීටරයක් තුළ බදු හා ආණ්ඩුවේ ගාස්තුව වශයෙන් රුපියල් 145ක මුදලක් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසා ඇත.
එමෙන්ම ඩීසල් ලීටරයක් තුළ බදු හා ආණ්ඩුවේ ගාස්තු රුපියල් 128ක් පවතින බව ඔහු පවසා ඇත. ඒ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා ඇත්තේ නොවැම්බර් 03 වැනිදා පැවති පාර්ලිමේන්තු මුදල් කාරක සභා රැස්වීමට සහභාගි වෙමින්ය.
මේ වනවිට වෙළඳපොළේ ප්‍රෙටල් ලීටරයක මිල රුපියල් 424ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 397ක් වේ. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසන ආකාරයට ප්‍රෙටල් හා ඩීසල් සඳහා සුරාබදු, වැට් බදු හා ඛනිජ තෙල් සංස්ථාවේ පැරණි ණය භාණ්ඩාගාරයට ලබා ගැනීම වෙනුවෙන් අයකරන රුපියල් 50ක මුදලක් පවතී.
ඒ අනුව ප්‍රෙටල් ලීටරයක් තුළ පවතින බදු හා ආණ්ඩුවේ ගාස්තුව දළ වශයෙන් 34%ක් වන අතර ඩීසල් ලීටරයක් තුළ පවතින බදු හා ආණ්ඩුවේ ගාස්තුව දළ වශයෙන් 32%ක් වේ.
