පෑන් ඒෂියන් පවර් පී.එල්.සී. සමාගම කුරුණෑගල දී ක්‍රියාත්මක කළ මෙගාවොට් 5 ක ධාරිතාවකින් යුත් පොළොව මත සවි කළ සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය පසුගිය ජූලි 14 වැනිදා ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කළ බව එම සමාගම පවසනවා.
ඒ අනුව නුදුරු දිනයක දී ම එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි සමාගම සඳහන් කරන්නේ.
එම සමාගම R I L Property PLC සමාගමට අයත් පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන අතර, පෑන් ඒෂියන් පවර් පී.එල්.සී සමාගමේ පරිපාලිත සමාගමක් වන PAP MHPL Solar (Pvt) Ltd මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මේ දක්වා එම සමාගම මගින් ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කෙරුණු පොළොව මත සවි කළ තෙවැනි සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය ලෙස මෙය සැලකෙන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා නවීනතම තාක්ෂණික සූර්ය පැනල යොදාගෙන ඇති බව හා ඒවා මගින් සූර්යයාගේ ගමන් මාර්ගය අනුව යමින් එම ආලෝකය උපරිම ව උරා ගැනීමට කටයුතු කරන බවයි සමාගම පවසා සිටින්නේ.
