විදෙස්ගත ලාංකිකයන් පළමු මාස හයේ ඩොලර් බිලියන 3.73 ක් එවලා

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස 6 තුළ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.73 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 6 දී මෙරටට ඒවා තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.14 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව 18.9 % ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.

තව ද මහ බැංකුවේ නවතම දත්තවාර්තා පෙන්වා දෙන්නේ, විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාසයේ දී පමණක් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 635.7 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවයි

පසු ගිය වසරේ ජුනි මාසයේ දී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 519.6 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එවා තිබූ අතර එයට සාපේක්ෂව පසු ගිය මාසයේ මෙරටට එවා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 22.3 කින් වර්ධනය වී ඇති බවයි දැකගත හැකි වන්නේ.

පසුගිය වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 වර්ධනයක් මෙන්ම වසර 6 කින් පසුව වාර්තා වූ ඉහළ ම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ලෙසයි සැලකෙන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading