අශෝක් පතිරගේ හිමිකාරත්වය දරන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සියයට 100 ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගත් බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ මේ සඳහා වන අනුමැතිය මෙකී සමාගම වෙත හිමිවීමත් සමඟ පසුගිය ජූලි 02 වැනිදා මෙම පියවර ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම අත්පත් කර ගැනීමත් සමඟ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත් වන අතර, එය ඉදිරියේ දී SL Insurance Lanka ltd. යන නාමය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇති බව සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම මිල දී ගැනීම සම්බන්ධයෙන් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සහ ජාත්‍යන්තර Allianz SE සමූහය අතර එකඟතාවට පිවිසීම පසුගිය මාර්තු මාසයේ දී සිදු වූ නමුත් මෙම ගනුදෙනුවේ වටිනාකම පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ නමුත් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් කටයුතු ඉදිරියටත් එම සමාගම යටතේ පවත්වා ගෙන යන බව ද වැඩි දුරටත් සඳහන් කර සිටියා.
