දවස් හතරට කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටිමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අඛණ්ඩව සිව්වන දිනයටත් අද (18) වාර්තා වුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ දී ඒකක 210.51කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 57.43කින් පහළ යන ලදී

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,071.44ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,094.31 ක් ලෙසත් සටහන්ව තිබුණා.

රු. බිලියන 3.89ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වුවා.

හේලීස්, CT හෝල්ඩිංග්ස් සහ සම්පත්, DFCC හා  HNB යන බැංකු සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවී තිබුණු අතර සමාගම් 176 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබුණා.

අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.32ක් හා දේශීය විකිණුම් රු.බිලියන 3.37 ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 573ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 522ක් ලෙසින් වාර්තා වී ඇත.

කොටස් වෙළෙඳපොළේ අද දින කඩා වැටීමත් සමඟම පසුගිය දින 04 තුළද සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 590ක පහළ යාමක් වාර්තා වන අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මෙම දින 04 තුළ රු. බිලියන 6,327.31 සිට රු. බිලියන 6,125.89ක් දක්වා රු. බිලියන 202කින් පහළ ගොස් තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading