රත්තරං ගණන් පොඩ්ඩක් බැහැලා

මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 246,000ක් ලෙසයි.

මේ අතර සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading