මාස හතරෙන් බිලියන දෙකහමාරක් ලංකාවට! කොන්දේසි සහිත ගිණිපොලී ණය නෙවෙයි, අපේ විදෙස්ගත ශ්‍රමිකයෝ එවපු සල්ලි! දත්ත ටික මෙන්න

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට ඒවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වෙනවා.

එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව 18.3% ක සැලකිය යුතු වර්ධනයක් බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේ පළමු මාස හතරේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක මුදලක් මෙරටට ඒවා තිබුණා.

එමෙන්ම මෙම වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එයද පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක්.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8 ක මුදලක් මෙරටට ඒවා තිබුණා.

පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන 314,828 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 වසරට සාපේක්ෂව 5.8% ක වර්ධනයක් වී තිබුණා.

එමෙන්ම පසුගිය වසරේ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා රුපියල දැඩිව කඩා වැටීමට ලක්වූ 2022 වසරේ රැකියා සඳහා විදේශගත වූ 310,953 ක පිරිසද ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර 2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර තිබුණා.

ඒ අනුව, වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading