බටලන්දේදී ඇස් උගුල්ලා මිරිස් කූඩූ දා ඝාතනය කළ විජේදාස ලියනාරච්චි – වසන්ත මුදලිගේ ලියයි

වසන්ත මුදලිගේ

88/89 සමයේ එක් දහවලක එකල කීර්තීමත් නීතිඥ යකු වූ අතුරුදන් වූවන් වෙනුවෙන් නඩු විභාගවල සුවිශේෂී කාර්‍යයක් ඉටුකල විජේදාස ලියනාරච්චි අලුත්කඩේ උසාවී භූමීයෙන් පිටතට පැමිණෙමින් සිට ඇත.

එවිටම ඔහු අසලට පැමිණි නන්නාදූණන සිවිල් ඇදුමින් සැරසුණු පිරිසක් ඔහුව සුදු පැහැති රියකට නංවාගෙන පිටත් වී තිබේ.

එතැන් පටන් හෝරා කීපයක් තුල නීතිඥ විජේදාස ලියනාරච්චි අතුරුදන් වී ඇති බව රටපුරා සැළවිය. නමුත් කුමන සිරකදවුරක / වධකදවුරක රදවන්නට ඇත්ද ? කවුරු භාරයේ සිටීද යන්න පිළිබද හෝඩූවාවක් නොවුණි.

පසුව අනාවරණය වූ ලෙස ඔහුව තංගල්ල පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බවත් එහිදි ඔහුව බොහෝ සේ වධබන්ධනයට ලක් ව ඇති බවත් වාර්ථා වේ. පොලිස් නිළධාරීයකු වූ කරවිට තැනැත්තාත් එකල ප්‍රකටව සිටි ගහලයකු වූ උඩුගම්පලත් ලියනාරච්චි රදවා තබා ගැනීමට සම්බන්ධ බව සාක්ෂිවලින් පෙනේ.

පසුව ඔහුව කොළඹට රැගෙන එන්නට වූයේ ඔහු පැහැරගැනීම පිළිබද ඔහුගේ නීතී ගුරුවරුන් හා ක්ෂේත්‍රයේ පාර්ශවවලින් එල්ල වූ දැඩි විරෝධයත් සමගයි. නමුත් ඔහුව ගෙන ඒම භාරව සිටි පුද්ගලයාට හදිසි දුරකථන ඇමතුමක් මගින් නියෝග කරන ලද්දේ ඔහුව කොළඹ වෙනත් ස්ථානයකට නොව ‘පෑලීයගොඩ කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධන ඒකකය’ වෙත ගෙන එන ලෙසයි. එම ඒකකය යනු එකල මර්ධනයේ ම්ලේච්ඡතම සළකුණක් තබා සිටි බටලන්ධ වදකාගාරයයි. එම නියෝගය ලබාදුන් පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහයි.

ලියනාරච්චි බටලන්ධට රැගෙන ඒමෙන් පසු එහි සුපුරුදු වධබන්ධනයන්ට ඔහුව ලක් කර තිබේ. එම අවස්ථාව වනවිටත් ඔහු දැඩි සේ අසාධ්‍යව සිට ඇති අතර පැහැරගත් මොහොතේ සිට එම මොහොත වනතෙක්ම ඔහුට පහරදෙමින් දසවධ දෙමින් ලබාගැනීමට උත්සාහ කල කිසිම තොරතුරක් ඔහු වෙතින් පිටවී නොතිබිණි.

මරණය හමුවේ වුවත් පාවා නොදී සිටීම ඔහු විසින් ප්‍රගුණ කර වධකයන් වෙත පෙන්වමින් සිට ඇත්තේ එලෙසය.

හදිසියේ බටලන්ධට වාහනයකින් අමුත්තන් දෙදෙනෙක් පැමිණ ඇත්තේ අලුතින් බටලන්ධට රැගෙන ආ විජේදාස ලියනාරච්චි හමුවන්නටයි. ඒ එකල ජනපති රණසිංහ ප්‍රේමදාස හා බටලන්ධෙ වධක හිමිකරු වූ හිටපු අටවාගත් ජනපති රනිල් වික්‍රසිංහයි.

ඔවුන් පැමිණ ලියනාරච්චි වෙත පහරදෙමින් ප්‍රශ්න කලත් තවදුරටත් පෙරසේම ඔහු පාවා නොදී සිටිබව එතැන රැදීසිටි පොලිස් නිළධාරියෙක් පසුකලෙක හෙළිකර ඇත. ඉන්පසු රනිල් විසින් දුන් නියෝගයට අනුව ලියනාරච්චිගෙ ඇස් උගුල්ලා එයින් නැගුණු හිඩසට මිරිස් කුඩු දමා තිබේ. එලෙස වධ බන්ධනයන්ට ලක්කිරීමෙන් අනතුරුව ඔහුව එතැනින් රැගෙන ගිය බව කියවේ.

පසුව ඔහුගෙ සිරුර කොළඹ ජාතීක රෝහලේ මෝචරියෙන් ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදුකල විට තහවුරු වී ඇත්තේ ශරීර අභ්‍යන්තරයේ තුවාල 40 කට වැඩි ගණනකින් ලේ වහනය වී මරණය සිදුව ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ වධකයෙකි. ඝාතකයෙකි. ම්ලේච්ඡයෙකි. මනුෂ්‍යත්වයට නොගැලපෙන අයෙකි.!

Author

1 Comment

  • ඔබලා රටට සම්පතක් පටු දේශපාලනයෙන් ඉවත් වී මේ මොහෙතේ අපිට ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

Comments are closed.

Related Posts