බන්ධනාගාර රැදවූවන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන බන්ධනාගාර පෙර පාසල් අධ්‍යාපන සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් චිත්‍ර ශිල්පිනී සංතෝෂිනී ද සිල්වාගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 16 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඇල්බට් ක්‍රොස් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය.
හවස 4.30 සිට ප.ව. 8 දක්වා එය පැවැත්වේ.
ඇය විසින් අදින ලද චිත්‍ර 14ක් එයට ඇතුළත් වන අතර පරිසර දූෂණය, පරිසර සංරක්ෂණය, පරිසර විනාශය සමග ගෝලීය උණුසුම පිළිබද තේමාවන් චිත්‍රවලට ඇතුළත් කර ඇත.
