අලුත් මෙට්‍රෝ බස්වල ඇල්කහොල් සෙන්සර් එකත් තියෙනවා! බස් මිල වෙනසේ ඇත්ත හේතු ප්‍රවාහන ඇමති කියයි!

නව මෙට්‍රෝ බස් රථවල ඇල්කොහොල් සෙන්සර් (Alcohol Sensors) පවා ඇතුළත් කර ඇති බවත් මුලින් ආනයනය කළ බස් රථ 10 සහ පසුව ගෙන්වූ බස් රථ 100 අතර මිල වෙනස් වූයේ ඒවායේ මාදිලි, ඩොලරයේ විනිමය අනුපාතය සහ තාක්ෂණික උපාංග වෙනස් වීම නිසා බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙට්‍රෝ බස් රථ ආනයනය කිරීමේදී පළමු කාණ්ඩය සහ දෙවන කාණ්ඩය අතර මිලෙහි වෙනසක් පැවතීම සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

පිටතින් බැලූ බැල්මට එකම පෙනුමක් තිබුණද මෙම බස් රථ කාණ්ඩ දෙක අතර දැවැන්ත වෙනස්කම් ගණනාවක් පවතින බව පෙන්වා දුන් ප්‍රසන්න ගුණසේන මහතා, ඒ පිළිබඳව සොයා බැලීමකින් තොරව මෙවැනි විවේචන එල්ල නොකළ යුතු බව පැවසුවා.

මෙහිදී පළමු බස් රථ 10 ආනයනය කර ඇත්තේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ BJ 6329 යන මොඩලය වන අතර පසුව ආනයනය කළ බස් රථ 100 BJ 6323 යන වෙනස් මාදිලියට අයත් වන බව ඔහු හෙළි කළා.

එමෙන්ම බිල්පත් සකස් කළ දිනවල ඩොලරයේ පැවති අගය ද මෙම මිල වෙනසට සෘජුව බලපා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළා.

ඒ අනුව බස් රථ 10 සඳහා බිල්පත් ලැබුණු 2025 ජූලි 23 වැනි දින ඩොලරයක අගය රුපියල් 305.51ක් වූ බවත් බස් රථ 100 ආනයනය කළ 2025 ඔක්තෝබර් මාසයේදී ඩොලරයේ අගය රුපියල් 306.76ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් ඔහු පෙන්වාදෙනවා.

මීට අමතරව පළමු බස් රථ 10 තුළ නොතිබූ පහසුකම් රැසක් නව බස් රථ 100ට ඇතුළත් කර ඇති බව සඳහන් කළ ප්‍රසන්න ගුණසේන මහතා, ඒ අතර සම්පූර්ණ ඩිජිටල් පද්ධතියක්, මසක ණය සහන කාලයක්, වැඩිදුර කාර්යසාධන ඇපකරයක්කා, ර්මික ශිල්පීන් 10 දෙනෙකුට දින 7ක ජාත්‍යන්තර පුහුණුවක්, වෙනස් ආසන සංඛ්‍යාවක් සහ රියදුරන් සඳහා ඇල්කොහොල් සෙන්සර් පද්ධතියක් අන්තර්ගත වන බව වැඩිදුරටත් සඳහන් කළා.

මෙම තාක්ෂණික සහ කොන්ත්‍රාත්තුමය වෙනස්කම් නොසලකා හරිමින්, හුදෙක් බස් රථ යන වචනයට පමණක් සීමා වී සරල ගණනය කිරීම් මත පදනම්ව චෝදනා එල්ල නොකරන ලෙස ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading