විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (සැප්තැම්බර් 09) දිනයේ දිවයින පුරා එක්දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී ඇති බරපතළ අර්බුද සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන පාර්ශව සමග දීර්ඝ කාලයක් සාකච්ඡා පවත්වා ඇතත් ඒවාට මෙතෙක් විසඳුම් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔවුන් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අද (සැප්තැම්බර් 8) දින මාධ්‍ය හමුවක් පැවැත් වූ එම සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසා සිටියේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරු නොමැති වීම බරපතළ ගැටලුවක් බවද, මේ වනවිට‌ 2025 උසස් පෙළට පෙනී සිටි සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත බඳවාගත නොහැකි තත්ත්වයක්ද ඇතිව තිබෙන බවයි.

ජනාධිපතිවරයා රාජ්‍ය විශ්වවිද්‍යාල 50ක් අලුතින් ඇති කරන බව පැවසුවද අලුතින් ඇති කිරීමට පෙර පවතින විශ්වවිද්‍යාල 17හි ගුණාත්මක බව රඳවා ගැනීම ඉතා වැදගත් බවද ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම සම්මේලනය බලාසිටින බවත් මේ සඳහා ස්ථීර විසඳුමක් අවශ්‍ය බවත් වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading