හම්බන්තොටට Master Plan එකක්

ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා විසල් හම්බන්තොට ප්‍රාදේශීය ආකෘති සැලසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම පිණිස උපදේශක සේවා ලබා ගැනීමේ කාර්යය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීමට 2018-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත් එකී තීරණය පරිදි මෙතෙක් කටයුතු කර නොමැත.

හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දීමට රජය විසින් තීරණය කර ඇති අතර, කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැගෙනහිර පළාත් උපයාමාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම් සකස් කිරීමේ වගකීම පවරා ඇති සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමේ කාර්යය පැවරීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, එම කාර්යය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading