අඟහරු ජීවයට සුදුසු තත්වයක පැවැති බවට නව ඉඟියක්

අඟහරු ග්‍රහලෝකය මත අතීතයේ ජීවය පැවැතීමට තිබූ හැකියාව තවත් තහවුරු කරමින්, එහි පෘෂ්ඨයට යටින් ද්‍රව වූ පාෂාණ (මැග්මා) ගංගා මෙන් ගලා ගොස් ඇති බවට අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

නාසා (NASA) ආයතනයේ InSight Lander යානයේ භූකම්පන දත්ත ඇසුරින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කළ මෙම අධ්‍යයනය Nature Astronomy සඟරාවේ පළ කර තිබෙනවා.

අඟහරු පෘෂ්ඨයට කිලෝමීටර 24ක් යටින් පිහිටි මෙම සංකීර්ණ, එකිනෙක සම්බන්ධ වූ මැග්මා ගමන් මාර්ග පද්ධතිය මගින් මූලද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වෙමින් වායුගෝලයක් හා මහා සමුද්‍ර නිර්මාණය වීමට මෙන්ම කාලගුණය පාලනය වීමටද පදනම සකස් වී ඇතැයි විශ්වාස කෙරේ.

කාලගුණය පාලනය විය හැක්කේ ‘තැටි චලන’ (Plate Tectonics) සහිත ග්‍රහලෝකවල පමණක් යැයි පැවැති මතය බිඳහෙළන මෙම සොයාගැනීමත් සමඟ, තැටි චලන නොමැතිවීම නිසා මීට පෙර ජීවයට නුසුදුසු යැයි අයින් කර තිබූ අනෙකුත් පාෂාණමය ග්‍රහලෝක දෙසද නැවුම් කෝණයකින් බැලීමට විද්‍යාඥයන්ගේ අධානය යොමු වී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading