විශ්ලේෂණ වාර්තා නොමැති ඖෂධ නිදහස් කරලා

විශ්ලේෂණ වාර්තා පසුව ලබාදීමේ පොරොන්දුව මත ආයතන 07ක් මගින් අවස්ථා 16කදී ගෙන්වූ ඖෂධ වර්ග 16ක් ආනයන හා අපනයන දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර ඇතැයි අනාවරණය වේ.

ඒ බව අනාවරණය වන්නේ එම දෙපාර්තමේන්තුවට අයත් 2025 වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාවක් මගිනි.

මෙම විගණනය සිදු කරන අවස්තාව වන විට එම ඖෂධ නිදහස් කර දින 42 සිට දින 305ක කාලයක් ගතවී තිබුණද ආනයනකරුවන් එකඟ වූ පරිදි ඖෂධ විශ්ලේෂණ වාර්තාවල මුල් පිටපත් හෝ සහතික කළ පිටපත් ලබාදීමට ඔවුන් කටයුතු කර නොමැති බව එහි සඳහන් වේ.

එකී ආනයනකරුවන් සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු බව නිරීක්ෂණය වූ බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ඖෂධ සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම හා හර කිරීමට අදාළ විධිවිධානයන්ට පටහැනිව මෙම ඖෂධ නිදහස් කිරීමට ආනයන හා අපනයන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading