මඩකලපුව ප්‍රදේශයේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරත්න හිමියන් හෙට (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මඩකලපුව පොලීසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, සිද්ධියට අදාළව අධිකරණමය විමර්ශන ක්‍රියාත්මක වනවා
නැගෙනහිර පළාතේ, විශේෂයෙන් මඩකලපුව සහ ඒ අවට ප්‍රදේශවල සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම්, පුරාවිද්‍යා ඉඩම් අත්පත් කරගැනීම් සහ සීමා නිර්ණයන් සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන සමඟ අම්පිටියේ සුමනරත්න හිමියන් මීට පෙරද අවස්ථා ගණනාවකදී දැඩි විරෝධතාවල නිරත වී තිබුණා.
මීට පෙර අවස්ථාවලදීද ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමඟ ප්‍රසිද්ධියේ උණුසුම් වචන හුවමාරු කරගැනීම් හා රාජකාරියට බාධා කිරීම් සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව පොලිස් පැමිණිලි ගොනු වූ අතර, අධිකරණ නියෝග සහ ඇප කොන්දේසි පැනවීම්ද සිදුවුණා.
