ජොන්ස්ටන්ට දඬුවම් නියම කිරීම 25 දක්වා කල්යයි

රේගු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ගෙන්වා සන්තකයේ තබාගත් වාහනයක් සම්බන්ධයෙන් වූ චෝදනා තුනකට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම නොවැම්බර් 25 දක්වා කල්දමා ඇත.

ඒ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි හමුවේ අද (නොවැම්බර් 11) එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

ඔක්තෝබර් 28 වැනිදා ඒ පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලට සිය නීතිඥයා මගින් වරද පිළිගත් අතර දඬුවම් නියම කිරීම ඒ අනුව අද දිනට නියම කර තිබුණි.

Author

Leave a Reply

Related Posts