ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යලි රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා එකවර වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ලබන 18 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.

අද කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එදිනට සැකකරුගේ ඇප අයැදුම්පත සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බවද වැඩබලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකවර තනතුරු දකක් දරමින්, රජයේ ආයතන කිහිපයකින් නිසි ක්‍රමවේදයන්ට පටහැනිව වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි එල්ල වූ චෝදනා මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සුගීෂ්වර බණ්ඩාර 2026 ජුනි මසදී අත්අඩංගුවට ගන්නා ලදී. පොදු දේපළ පනතේ වගන්ති මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද වැරදි සිදු කර ඇති බවට සැකකරමින් ආරම්භ කරන ලද මෙම විමර්ශන හේතුවෙන්, එතැන් සිට මේ දක්වා ඔහු අඛණ්ඩව අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

Author

Leave a Reply

Related Posts