අසේල කුරුළුවංශ
අධික වර්ෂාවත් සමග කඩුගන්නාව ප්රදේශයේ සිදුවූ නාය යෑමකින් කොළඹ නුවර ප්රධාන මාර්ගය කඩුගන්නාව ගල විදපු ස්ථානය ආසන්නයෙන් සම්පූර්ණයෙන්ම වසා දැමුණු බව පොලීසිය පවසයි.
මෙම නාය යෑම අද (10) පස්වරු 5.30 ට පමණ සිදුව තිබෙන අතර වාහන ගමනා ගමනය පස්වරු 6.15 පමණ දක්වා එක් මංතීරුවකට පමණක් සීමාව තිබිණි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර කොළඹ ප්රධාන මාර්ගයට කඩුගන්නාව ප්රදේශයෙන් .තවත් පස් සමඟ විශාල ගල් කඩා වැටීමේ අවධාමක් මතුව තිබේ.

මේ හේතුවෙන් අදාළ මාර්ගයේ අධික වාහන තදබදයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා ප්රධාන මාර්ගය වෙනුවට අතුරු මාර්ග භාවිත කරන ලෙස මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
මහනුවර කොළඹ ප්රධාන මාර්ගය හෙට පෙරවරු 6.00 දකවා වසා තබන බව දිස්ත්රික් ලේකම්වරයා පවසයි.
කඩුගන්නාව ගල විදපු ස්ථානයට ඉහළින් පස් කන්දක් මාර්ගයට කඩා වැටීම නිසා මාර්ගයේ නතර කර තිබූ යතුරු පැදියක් ඊට යටවී තිබෙන බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් පුද්ගලයින් කිසිවෙකුටත්
