කථානායකට එරෙහි අල්ලස් විමර්ශනය පාර්ලිමේන්තු නිලධාරීන් යළි කැඳවලා

රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පවත්වන විමර්ශනය සඳහා පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට ඉදිරි දිනවලත් පැමිණෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දැනුම් දී ඇති බව වාර්තාවේ.

එම විමර්ශනය සඳහා ප්‍රකාශ ලබාගැනීමට පසුගිය සතියේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පාර්ලිමේන්තුවේ නිලධාරීන් කැඳවනු ලැබූ අතර ඉන් සමහරකුට ඉදිරි දිනවල නැවත එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් විසින් කථානායකවරයාට එරෙහිව එම කොමිසමට පැමිණිලි කර තිබූ අතර එම පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ, කථානායකවරයා වාහන, ඉන්ධන, නිල නිවාස ඇතුළු රාජ්‍ය දේපල ඔහුට හිමි සීමාව ඉක්මවා යමින් භාවිතා කර ඇති බවයි.

Author

Related Posts