කේප් වර්ඩ් කණ්ඩායම සමඟ පැවැති සිය පළමු තරගය ගෝල රහිතව අවසන් වීමෙන් පසුව, ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී සෞදි අරාබියට එරෙහිව පිටියට පිවිසෙන විට ස්පාඤ්ඤයට ඔප්පු කිරීමට බොහෝ දේ තිබුණි.
ලෝක කුසලාන ප්‍රබලයින් මෙන්ම යුරෝපීය ශූරයින් ද වන ඔවුන්ගේ ප්‍රහාරාත්මක හැකියාව ගැන පාපන්දු ලෝකයෙන් මතු වූ ප්‍රශ්න රැසකට පිළිතුරු දීමට ඔවුන්ට අනිවාර්ය වී තිබුණි.
එම සියලු ප්‍රශ්නවලට ගෝල 4-0 ක අතිවිශිෂ්ට ජයග්‍රහණයකින් පිළිතුරු ලබා දෙමින්, 2026 ලෝක කුසලාන තරගාවලියේ සිය ආධිපත්‍යය නිල වශයෙන් තහවුරු කිරීමට ස්පාඤ්ඤය සමත් විය.

තරගයේ වැඩිම කතාබහට ලක්වූ මෙන්ම ස්පාඤ්ඤයට අවශ්‍යම කර තිබූ ජයග්‍රාහී මානසිකත්වය ගෙන ආවේ ඔවුන්ගේ යොවුන් තරුව වන ලැමීන් යමාල් විසිනි. කේප් වර්ඩ් තරගයේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පමණක් ක්‍රීඩා කළ යමාල්, මෙම තරගයේ ආරම්භක ක්‍රීඩකයින් 11 දෙනා අතරට එක්විය.
එලෙස පිටියට පිවිසීමත් සමඟම ඔහු ඓතිහාසික වාර්තාවක් පිහිටුවූයේ, ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක් ආරම්භ කළ 11 දෙනා අතර සිටි දෙවන ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමිනි. බ්‍රසීලයේ පේලේට පමණක් දෙවැනි වෙමිනි.
ඔහුගේ විශිෂ්ටත්වය හුදෙක් වාර්තා පොතට පමණක් සීමා වූයේ නැත. තරගයේ පළමු මිනිත්තුවේ සිටම සිය සුපුරුදු වේගවත් පන්දු හැසිරවීම්වලින් සෞදි ආරක්ෂක වළල්ලට දැඩි පීඩනයක් එල්ල කළ යමාල්, 11 වැනි මිනිත්තුවේදී මයිකෙල් ඔයාර්සාබාල් ලබා දුන් පන්දුවක් සාර්ථකව දැල වෙත යොමු කරමින් ස්පාඤ්ඤය වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය. එය ඔහුගේ පළමු ලෝක කුසලාන ගෝලය ද විය. ඔහුගේ මේ සුවිශේෂී දක්ෂතා සහ පරිණතභාවය, ලෝක කුසලාන මට්ටමේදීත් ඔහුට සැහැල්ලුවෙන් ක්‍රීඩා කළ හැකි බව පෙන්වීය.
මේ තරගයේදීත් ස්පාඤ්ඤයේ සම්පූර්ණ ඉදිරිපෙළ ක්‍රියාත්මක නොවීය. නිකෝ විලියම්ස් ක්‍රීඩා පිටියට ආවේ තරගයේ අන්තිම අදියරේය. දෙවැනි වටයේ තරගවලදී යමාල්, ඔයාර්සබාල් සහ විලියම්ස් ක්‍රීඩා කරනු ඇතැයි සිතිය හැක.

යමාල් ලබා දුන් සාර්ථක ආරම්භයත් සමඟ ස්පාඤ්ඤ ක්‍රීඩකයින් සම්පූර්ණයෙන්ම තරගයේ පාලනය සියතට ගත්හ. සෞදි අරාබියේ දැඩි පසුබැසීම හමුවේ සිය සුපුරුදු ආක්‍රමණශීලී රටාවට පැමිණි ඔවුන්, පළමු අර්ධයේදී පමණක් සෞදි දැල වෙත පහරවල් 16 ක් එල්ල කළේය.
පළමු තරගයේදී දැඩි ලෙස අසාර්ථක වූ මයිකෙල් ඔයාර්සාබාල්, මෙවර 21 වැනි සහ 24 වැනි මිනිත්තු වලදී පිට පිට ගෝල දෙකක් වාර්තා කරමින් ස්පාඤ්ඤයේ ලකුණු තත්ත්වය 3-0 ක් බවට පත් කළේය. එහෙත් ඔහුට හැට්ට්‍රික් එක ලබාගැනීම සදහා තිබුණු ලෙහෙසිම අවස්තා දෙකක් මගහැරුණි.
දෙවන අර්ධය ආරම්භ වුණේ තරගයේ 90+2 මිනිත්තුවේදී ෆෙරාන් ටොරෙස් විසින් 5 වැනි ගෝලය ද වාර්තා කළද, පසුව වීඒආර් තාක්ෂණය මගින් එය ‘ඕෆ්සයිඩ්’ ලෙස තීරණය කිරීම හේතුවෙන් ලකුණු පුවරුව 4-0 ක් ලෙස තරගය නිමා විය.
ස්පාඤ්ඤය මේ තරගයේදී තමන්ට ලෝක කුසලානය ගැනීමට හැකි බව හැමෝටම යළි සිහිපත් කර දුන්නේය.
