ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජූලි 31 හෝ ඊට පෙර පවත්වන ලෙසටත් එය ඉටුකිරීමට දේශීය බලධාරීන් අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) කළු ලැයිස්තුවට ඇතුළත් වීමේ අවධානමක් පවතින බවටත් අයිසීසීය ජනාධිපති අනුර කුමාර දිසානායකට දැනුම් දීමක් සිදුකර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවේ සඳහන් කරන්නේ අයිසීසී සභාපති ජයි ශා පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලනීකරණය වීම පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් එම කාල සීමාවට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙස ඉල්ලා සිට ඇති බවයි.
සිදුවන ඕනෑම ප්‍රමාදයක් තවදුරටත් 2023 වසරේදී සිදු වූවාක් මෙන් අයිසීසී කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වීමට හේතුවන බව එහිදී අවධාරණය කෙරී ඇති බව වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන්ය.
