උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පළමු වරට සංවිධානය කෙරුණු මධ්‍යම සහ දකුණු ආසියානු (CASA) සත් සාමාජික රග්බි තරගාවලියේදී කලාපීය රග්බි පිටියේ තම අණසක පැතිරවීමට ශ්‍රී ලංකාව සමත් විය. ඊයේ (17) පැවැති අවසන් මහා තරගවලදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම තරගාවලියේ අපරාජිතයන් වෙමින් රන් කුසලාන ද්විත්වයම මෙරටට දිනා දීමට සමත් වූහ.
චරිනි ලියනගේගේ දක්ෂ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, CASA සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල කසකස්තාන කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොතබමින් ලකුණු 27-0ක් වැනි දැවැන්ත පරතරයකින් ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් විය.
තරගයේ පළමු භාගයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු භාගය නිමා වන විට එක් උත්සාහක දිනුමක් (5-0) පමණක් වාර්තා කරමින් පෙරමුණ ගත්හ. කෙසේ වෙතත්, දෙවැනි භාගයේදී වඩාත් ප්‍රහාරාත්මක රටාවකට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල තවත් උත්සාහක දිනුම් 5ක්ම වාර්තා කරමින් කසකස්තාන ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම බිඳ දැමීය. ඉන් අවසන් උත්සාහක දිනුම සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමට ද ඔවුහු සමත් වූහ.
ඒ අනුව සමස්ත තරගය තුළ උත්සාහක දිනුම් 4ක් සහ එක් ගෝලයක් සමඟින් ලකුණු 27ක් රැස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කසකස්තානය සුනුවිසුනු කරමින් රන් කිරුළ පැළඳූහ.
ප්‍රවීණ ක්‍රීඩක ශ්‍රීනාත් සූරිය බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ලංකා පිරිමි කණ්ඩායම ද තරගාවලිය පුරා තම අශ්‍රී පරාජිත වාර්තාව රැකගනිමින්, අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 31-10ක් ලෙස පරාජය කරමින් පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මූලික වටයේ අවසන් තරගයේදී ද ඉන්දියාව ලකුණු 33-12ක් ලෙස පරාජය කිරීමට සමත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් මහා තරගයේ පළමු භාගයේදී ගෝල 2ක් වාර්තා කරමින් ලකුණු 14-05ක් ලෙස පෙරමුණ ගත්හ.
එම භාගයේදී ඉන්දීය පිලට ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි. දෙවැනි භාගය ආරම්භයේදී ඉන්දීය පිල තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්ත්වය 19-10ක් ලෙස තරමක් සමීප කිරීමට උත්සාහ කළ ද, යළිත් දැඩි ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් 2ක් සහ එක් ගෝලයක් සාර්ථකව රැස් කරමින් ලකුණු 31-10ක් ලෙස තරගයේ පූර්ණ ජයග්‍රහණය සහ රන් කිරුළ මෙරටට දිනා දීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිරිමි සංචිතය, ශ්‍රීනාත් සූරිය බණ්ඩාර (නායක), ජනිඳු දිල්ෂාන් (උප නායක), චතුර විදානලාගේ, ආකාශ් මදුසංඛ, කවිඳු ද කොස්තා, කවිඳු පෙරේරා, රමිත හිමාෂ්, රවිඳු අංජුල, සුරංග තෙන්නකෝන්, දිලුක්ෂ දංගේ, ගයාන් පෙරේරා, චෙමෝද් මුතුනායක. (අතිරේක ක්‍රීඩකයෝ: දෙනුවන් වික්‍රමාරච්චි, මලික්ෂ පෙරේරා, ජයතු රාජරත්න) යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය, චරිනි ලියනගේ (නායිකා), සංජීවනී විජේතිලක (උප නායිකා), හෙකාෂණි ක්‍රිෂ්ණකුමාරි, දිලිනි කාංචනා, කවීෂා ඉෂානි පෙරේරා, ඉදූෂා ජනනි පෙරේරා, ප්‍රියංකා දිල්රුක්ෂි, ජයන්ති කුමාරී දිල්රුක්ෂි, සංජීවනී පෙරේරා, නිපුනි රසාංජලී, දිල්කි සත්සරාණි, නිරාශා දිසානායක. (අතිරේක ක්‍රීඩිකාවන්: සරණි නයනතාරා, රුවන්ති තරුෂිකා, නදීෂා දිසානායක) යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත විය.