ශ්‍රී ලංකාව විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ නව වැනි ස්ථානයට !

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව, නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ නව වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් හි 8 වන ස්ථානයේ පසු වනු ලැබුවා.

කෙසේ වෙතත්, මීට පෙර 9 වන ස්ථානයේ ශ්‍රේණිගතව සිටි බංග්ලාදේශය ශ්‍රී ලංකාව අභිබවා 8 වන ස්ථානයට පැමිණ ඇති අතර, ඇෆ්ගනිස්ථානය 10 වන ස්ථානයේ ශ්‍රී ලංකාවට පසුපසින් එක් ප්‍රසාද ලකුණක පරතරයක් සහිතව රැඳී සිටිනවා.

කෙසේ නමුත් එම ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය තවමත් ඉන්දියාව වෙත හිමිව ඇති අතර, දෙවන, තුන්වන හා සිව්වැනි ස්ථාන පිළිවෙළින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව විසින් හිමිකරගනු ලැබ තිබිම විශේෂත්වයක්.

මීට අමතරව විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි පස්වැනි ස්ථානය තවමත් පැතුම් නිස්සංකගේ නම ඉදිරියේ ලියැවී තිබීම විශේෂත්වයක්.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading