පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේ දී මෙරට ඇඟලුම් අපනයනය 5.2 % කින් වර්ධනය වී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය පසුගිය දා ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව එම සංසදය පවසා සිටියේ, යුරෝපා සහ බ්‍රිතාන්‍ය වෙළෙඳ පොළේ සිදු වූ වර්ධනය ජුනි අපනයන ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බවයි.
කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් වෙළෙඳපොළවල් වෙත සිදු කළ අපනයන ඉහළ යන විට ඇමෙරිකාවට සිදු කළ අපනයන පහළ ගොස් තිබෙන බව ද එම සංසදය ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව යුරෝපා සංගමයට සිදු කළ ඇඟලුම් අපනයන පසුගිය ජුනි මාසයේ දී 23.1 % කින් ඉහළ ගොස් තිබෙන බවත්, බ්‍රිතාන්‍යයට සිදු කළ ඇඟලුම් අපනයන 20.4 % කින් ඉහළ ගොස් ඇති බවත්, ඇමෙරිකාවට සිදු කළ අපනයන 5.7 % කින් පහළ ගොස් ඇති බවත්, අනෙකුත් කලාප වලට සිදු කළ අපනයන 9.3 % කින් පහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදය සඳහන් කර සිටියා.
දැනට තිබෙන තාවකාලික දත්ත වාර්තා වලට අනුව පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 දී මෙරට ඇඟලුම් අපනයනය සියයට 8.95 ක වර්ධනයක් පෙන්නුම් කරන බව හා එහි දී යුරෝපා සංගමයේ වෙළෙඳ පොළ 16.7 % කින් ද, බ්‍රිතාන්‍ය වෙළඳපොළ 6.4 % කින් ද, අනෙක් වෙළෙඳ පොළවල් 8.9 % කින් සහ ඇමෙරිකාව 41 % කින් වර්ධනය වී තිබෙන බවයි අවසාන වශයෙන් එම සංගමය ප්‍රකාශ කර සිටියේ.
