සුප්‍රකට යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය සහිත ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමට අයත්, W15 සන්නාමය යටතේ W15 Yala සහ W15 Ambalangoda නමින් යාල සහ අම්බලන්ගොඩ ප්‍රදේශයන් හි අලුතින් හෝටල් දෙකක් මේ වන විට ඉදි කෙරෙමින් පවතින බව එම සමාගම පවසනවා.
ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ අනාගත වර්ධනය පිළිබඳ ව කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමිනුයි එම සමාගම මේ පිළිබඳව සඳහන් කර සිටියේ.
එසේම සමාගම පවසා සිටින්නේ, ඉදිරියේ දී සිය ලෙෂර් අංශය සඳහා ප්‍රාග්ධන වියදම් අඩු ව්‍යාපාර පුළුල් කිරීමේ ක්‍රමයක් වන කළමනාකරණ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා ද අවධානය යොමු කර ඇති බවයි.
කෙසේ නමුත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරය අහිමි කරන ආකාරයේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාදක වූ ප්‍රධාන සිදුවීමක් වනුයේ, W15 හෝටලයට වෙඩි තැබීම සඳහා සැලසුම් කිරීමේ සිදුවීමකි. එම වෙඩි තැබීම පසුපස දේශබන්දු තෙන්නකෝන්, ටිරාන් අලස් සහ W15 හිමිකරු අතර පෞද්ගලික ගැටුමක් හේතු වුණැයි චෝදනා එල්ල වී තිබුණා.
