ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ ඉන්දියාවට පනවන තීරු බද්ද 20% ට වඩා අඩු වනු ඇති බවත් ඒ හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව, ලාඕසය වැනි රටවල් සමග තරග කිරීමේ දී ඉන්දියාවට වාසිදායක තත්වයක් ලැබෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය ඊයේ (13) වාර්තා කර සිටියා.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ඉන්දියාවට අනෙක් බොහෝ රටවලට මෙන් පනවන තීරු බද්ද සම්බන්ධයෙන් ලිපියක් නොලැබෙනු ඇති බවත් ඇමෙරිකාව නිල නිවේදනයක් මගින් ඉන්දියාවට පනවනු ලබන තීරු බද්ද ප්‍රකාශයට පත්කරන බවත් ය.
ඇමෙරිකාව සහ ඉන්දියාව අතර එළැඹෙන අන්තර් කාලීන වෙළෙඳ ගිවිසුමක් මගින් තීරු බද්ද පැනවෙනු ඇති බවත්, එය සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සහාය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය විසින් ප්‍රකාශ කළ අතර, දෙරට අතර එකඟ නොවූ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට එමගින් අවස්ථාව ලැබෙනු ඇති බවත්, මෙම වසර අවසානයේ දී ඉන්දියාව සහ ඇමෙරිකාව පුළුල් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
