ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වෙනවා.

2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286ක් ලෙසින්.

මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන 206කින් පහළ ගොස් තිබෙනවා.

මේ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,231 සිට ඩොලර් මිලියන 6,023ක් දක්වා පහත වැටීම හේතු වී තිබුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading